පාස්කු ප් රහාරයෙන් විපතට පත් වූවන් වෙනුවෙන් රුපියල් මිලියන 311ක වන්දියක්; ශ් රේෂ්ඨාධිකරණය බෙදාහැරීම පිළිබඳ වාර්තාවක් කැඳවයි

November 18, 2024


පාස්කු ඉරුදින ත් රස්ත ප් රහාරයෙන් විපතට පත් වූවන් වෙනුවෙන් වන්දි වශයෙන් රුපියල් මිලියන 311 ක මුදලක් වන්දි ගෙවීමේ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බව නීතිපතිවරයා අද ශ් රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

පාස්කු ඉරුදින ත් රස්ත ප් රහාරය ට අදාළව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (18) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අද (18) අධිකරණයට මේ බව දැනුම් දුන්නේය.

ඒ අනුව අදාළ වන්දි මුදල් වින්දිතයන්ට ලබා දී ඇති ආකාරය සම්බන්ධ වාර්තාවක් මීළඟ අධිකරණ දිනයට ඉදිරිපත් කරන ලෙස ශ් රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට නියෝග කළේය.

පසුව එම පෙත්සම් 2025 පෙබරවාරි මස 27 වන දින යළි කැඳවීමට නියෝග කෙරිණි.

මුර්දු ප් රනාන්දු, එස්.තුරෙයිරාජා සහ ඒ.එච්.එම්.ඩී නවාස් යන ත් රිපුද්ගල ශ් රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සලකා බැලිණි.