ශ් රී ලංකාවට 2025 පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනයට අවසර

December 18, 2024


(කොළඹ, ලංකාපුවත්) – 2025 පෙබරවාරි මස 01 වන දින සිට ක් රියාත්මක වන පරිදි පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමට රජය තීරණය කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය කරයි.

අද (18) පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී විශේෂ ප් රකාශයක් කරමින් ඒ මහතා මේ බව අනාවරණය කළේය.

2025 පෙබරවාරි මස 01 වන දා සිට පෞද්ගලික ව භාවිත කරන වාහන සඳහා පනවා තිබූ ආනයන සීමා ඉවත් කිරීමට යෝජිත අතර මගී බස් රථ සහ විශේෂ කාර්ය වාහන සඳහා පනවා තිබූ ආනයන සීමා 2024 දෙසැම්බර් මස 14 වන දා වන විට ඉවත් කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් උද්ගත වූ ආර්ථික අර්බුදය හේතුවෙන් 2021 දී වාහන ආනයනය අත්හිටුවීමට එවකට පැවති ශ්රී ලංකා රජය තීරණය කර තිබුණි.

දැඩි ආර්ථික අර්බුදය දිගින් දිගටම පැවතීම හේතුවෙන් වාහන ආනයනය සඳහා පනවා ඇති සීමාවන් තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට බලධාරීන් තීරණය කළේය. මේ අතර, 2024 ජුනි මාසයේදී මුදල් අමාත්යාංශය විසින් 2025 වන විට සංචරණ සීමා ක්රමයෙන් ඉවත් කිරීමේ සැලැස්මක් ප්රකාශයට පත් කරන ලදී.